top of page
Image by Wladyslaw Jankowski

ABOUT AHTC FARM FRESH

AHTC Farm Fresh යනු,

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබද අමාත්‍යංශය යටතේ පාලනය වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම ආයතනය ස්ථාපිත කර ඇත.

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ගොවිපළ නිෂ්පාදන අලෙවි කිරීම මූලිඛ කරගත් මෙම අලෙවිසැල සහ භෝජනාගාරය වෙනත් ප්‍රාදේශීය සැපයුම්කරුවන්ගේ සහ රාජ්‍ය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනද අලෙවි කරනු ලබයි.

විශේෂයෙන්ම සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව කිරි නිෂ්පාදන ඒකකයක් ඇති බැවින් එහි නිෂ්පාදනය කරන චීස්, බටර්, යෝගට් ආදී නිෂ්පාදන අලෙවිය සදහා ද මෙම අලෙවිසැල භාවිතා කරයි. මෙම ආයතනය සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරී ලෙස කටයුතු කරනු ලබන නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාගේ අධීක්ෂණය යටතේ එක් කළමනාකරුවෙකු විසින් මෙහෙයවනු ලබයි.

අපගේ දැක්ම

දේශීය දේ අගයමින් සුපිරිසිදු කිරි නිෂ්පාදන හා අනෙකුත් ගොවිපල නිෂ්පාදන මිල දී ගැනීම, අලෙවි කිරීම හා බෙදාහැරීමේ ප්‍රමුඛ රාජ්‍ය සන්නාමය.

අපගේ මෙහෙවර

පාරිභෝගික ඔබ සැමට සුහදශිලී සහ ගෞරවාන්විත පිළිගැනීමක් සහිතව දේශීය දේ අගයමින් සුපිරිසිදු කිරි නිෂ්පාදන හා අනෙකුත් ගොවිපල නිෂ්පාදන මිල දී ගැනීම, අලෙවි කිරීම හා බෙදාහැරීම.

සදුදා සිට සිකුරාදා  - පෙ.ව.07.00 සිට ප.ව.06.00 දක්වා

සෙනසුරාදා , ඉරිදා - පෙ.ව.07.00 සිට ප.ව.04.00 දක්වා

පෝය දින වසා ඇත.

විවෘතව තබන වේලාවන්

  • Pinterest
  • Facebook
  • Twitter
  • Instagram

AHTC Farm Fresh since 2022

bottom of page